''සිරිසේන මහත්තයා දැන් කියන එක නෙවෙයිනේ තව ටිකකින් කියන්නේ'' අත්සන් 21000 කතාව ගැන හිරුණිකා කියපු දේ !

අර්ජුන ඇලෝසියස් මෙරටට ගෙන්වා ගැනීම සඳහා තමන් විසින් අත්සන් 21000ක් තැබූ බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශය බොහෝ දෙනාගේ අවධානය යොමුවුනා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් විවිධ අදහස් දක්වද්දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රද ඒ සම්බන්ධයෙන් අදහස් පළකළා.


පෙරේදා (02) පිටකෝට්ටේ පිහිටි සමගි ජනබලවේගය මැතිවරණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් ඇමතූ අවස්ථාවේදී ඇය මේ සම්බන්ධයෙන් අදහස් පළකළ අතර එහිදී ඇය කියාසිටියේ හිතෙන හිතෙන කොළේ අත්සන් කළත් මෛත්‍රිපාල සිරිසේන මහතාට දවස් තුනකින් අත්සන් 21000ක් තැබීමට නොහැකි බවයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද ප්‍රකාශ කළා.

‘‘හරියටම බැලුවොත් මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ඒ දවස් තුනේ නිදාගෙනත් නැහැ. අර්ජුන ඇලෝසියස් ගෙන්වන්න නොනිදා අත්සන් 21000 ක් තියලා. විහිළු කතාවක්නේ. කොහොමත් සිරිසේන මහත්තයා දැන් කියන එක නෙවෙයිනේ තව ටිකකින් කියන්නේ. එතුමා හරියට බොරු කියනවා.

රනිල් වික්‍රමසිංහ සහ අර්ජුන ඇලෝසියස් කියන්නේ හොඳ යාළුවෝ. මං හිතන්නේ මෛත්‍රිපාල මහත්තයා කියන්න ඇත්තේ රනිල් ප්‍රමුඛ කිහිපදෙනා නිසා මහේන්ද්‍රන්ව ගෙන්වා ගන්න බැරිවුණා කියලා වෙන්න ඇති.

දැන් තත්ත්වය වෙනස්. දැන් වෙන ආණ්ඩුවක් තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ අර්ජුන මහේන්ද්‍රන්ව දැන් ගෙන්වන්න පුළුවන්. ඒත් හොරු ඉන්නෙත් ආණ්ඩුව සමග නිසා මේ පාර ගෙන්වන එකකුත් නැහැ’’
gossip lanka