update : IDH රෝහලෙන් පැන්න ආසාදිතයා කොළඹ ජාතික රෝහලින් අල්ලයි - (video)

IDH රෝහලෙන් පළා ගිය කොරෝනා ආසාදිත කන්දකාඩු රැඳවියා කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර ඒකකයේදී පොලිසිය භාරයට ගෙන ඇත.

යුධ හමුදා බුද්ධි අංශ විසින් මෙම පළා ගිය රෝගියා කොළඹ ජාතික රෝහලේදී සොයා ගෙන සිය භාරයට ගෙන තිබේ.


යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ප්‍රකාශ කළේ මේ වන විට එම කොරෝනා ආසාදිත රෝගියා යලි IDH රෝහලට ඇතුලත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති බවය.
gossip lanka