අංගොඩ උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන් පලා ගිය කොරෝනා ආසාදිතයා කොළඹ ජාතික රෝහලේ බාහිර අංශයේ දී සොයා ගැනීමට පොලීසිය සමත් විය.
එම ස්ථානයට පැමිණි ත්‍රීරෝද රථය සොයාගෙන ඇති අතර එහි රියදුරා නිරෝධායන කිරීමට කටයුතු කර තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමග ජාතික රෝහලට පැමිණ සිටි පිරිස ඉන් ඉවත් කිරීමට ද ආරක්ෂක අංශ කටයුතු කර ඇත.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ එම ආසාදිතයා සහාය සොයාගැනිමට සහයදුන් කොළඹ ජාතික රෝහලේ සියලු කාර්ය මණ්ඩලය සේවකයන්ට ත්‍යාග මුදල් ලබාදීමට තීරණය කර ඇති බවයි.
අංගොඩින් පැන්න ආසාදිතයා සමග ගැටුනු අය නිරෝධායනයට.. ඇල්ලූ අයට තෑගි - (video)
2020-07-24T14:35:00+05:30
Lanka Hot News