අත්‍යවශ්‍යම කටයුත්තකට හැර වෙනත් ගමන් බිමන්වලින් වැළකී සිටින්නැයි පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විද්‍යාලයේත් ජාලිය සේනාරත්න මහතා සඳහන් කරන්නේ සෞඛ්‍ය මාර්ගඋපදේශ අනුව කෙරෙන අත්‍යවශ්‍යම ගමනක් හැරුණු විට ගමන් බිමන් යාම හැකිතාක් සීමා කරන ලෙසයි.
කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇත්තේ නම් එය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා කටයුතු කිරීම සියලු මහජනතාවගේ වගකීමක් යැයි ද ඔහු සඳහන් කළේ ය.
පොදු ප්‍රවාහන සේවය භාවිතා කළ යුත්තේ නිරෝධායනය හා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව බවද ඔහු තවදුරටත් පැවසීය.
හැකිතාක් ගමන් බිමන් සීමා කරන්න.. පොලිසිය සියළු ජනතාවට දන්වයි !
2020-07-24T10:40:00+05:30
Lanka Hot News