ක්‍රීඩා අමාත්‍ය ධුරය නාමල්ට - නියෝජ්‍ය කතානායක ශෂින්ද්‍ර !

නව රජයේ ඇමති මණ්ඩලය අනිද්දා දිනයේ (12) මහනුවර මඟුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිත අතර එසේ  දිවුරුම් දීමට නියමිත ඇමති මණ්ඩලය

ඇමතිවරුන් 26 දෙනෙකුගෙන් සමන්විත වනු ඇතැයි වාර්තා වෙයි.


මෙහිදී අගමැති මහින්ද රාජපක්ෂට මුදල්, නිවාස හා ඉදිකිරීම් ඇමැති ධුර ලැබෙනු ඇතැයි ආණඩුවේ ඇතැම් මාධ්‍ය වාර්තාකර ඇත.

එම පුවත් වාර්තා වලට අනුව, චමල් රාජපක්ෂට වාරිමාර්ග ඇමැති ධුරයටත් නාමල් රාජපක්‍ෂට ක්‍රීඩා ඇමති ධුරයටත් පත් කිරීමට යෝජනා වී තිබේ.

එම පුවත් වාර්තා වලට අනුව,

ජී. එල්. පිරිස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්,

දිනේෂ් ගුණවර්ධන යළිත් විදේශ කටයුතු ඇමතිවරයා ලෙසත්

පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය ඇමති ලෙසත්,

මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමැති ලෙසත්,

ප්‍රසන්න රණතුංග සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමැති ලෙසත්,

අලි සබ්රි අධිකරණ ඇමැතිවරයා ලෙසත්,

කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය ඇමැති ලෙසත් යෝජනා වී ඇත.

නාලක ගොඩහේවා, සරත් වීරසේකර, ජීවන් තොණ්ඩමන් යන අයටද ඇමතිධුර ලැබෙනු ඇතැයිද වාර්තා වෙයි.

කතානායක මහින්ද යාපා :

මේ අතර පාර්ලිමේන්තුවේ කතානායක ලෙස මහින්ද යාපා අබේවර්ධනත්, මොනරාගල දිස්ත්‍රීක්කයෙන් වැඩිම මනාප ලබාගත් ශෂින්ද්‍ර රාජපක්ෂ නියෝජ්‍ය කතානායක ලෙසත් පත් කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

පසුගිය පාර්ලිමේන්තුවේ ද නියෝජ්‍ය කතානායක ධුරය හිමිවුයේ මොනරාගල දිස්ත්‍රීක්කයටය. එසේ නියෝජ්‍ය කතානායක ලෙස කටයුතු කළ මොනරාගල දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මෙවර මහ මැතිවරණයේදී පරාජයට පත්විය.

ශ්‍රීලනිපයට කැබිනට් ධුර තුනක් !

මෙවර කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැබිනට් අමාත්‍යධුර තුනක් ද සුළු ජාතීන් නියෝජනය කරන පක්‍ෂවලින් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ට එක් කැබිනට් ධුර බැගින්ද හිමිවනු ඇතැයි ද වාර්තා වේ.

එසේම, ජාතික නිදහස් පෙරමුණේ විමල් විරවංශ, ලංකා සමසමාජ පක්ෂයේ මහචාර්ය තිස්ස විතාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ වාසුදේව නානායක්කර යන දේශපාලන පක්ෂ නායකයින්ට අනිවාර්යයෙන් කැබිනට් අමාත්‍යධුර හිමිවීමට නියමිතව ඇත.
gossip lanka