නාමල්, සංගා සහ මහේලට ජාතික ක්‍රීඩා කවුන්සිලයට ආරාධනා කරයි

ක්‍රීඩා ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදෙන ජාතික ක්‍රීඩා කවුන්සිලයට එක්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයින් වන කුමාර් සංගක්කාර මහතාට සහ මහේල ජයවර්ධනට මහතාට ආරාධනා කර තිබෙන බව වාර්තා වේ.

අදින් පසුව ජාතික ක්‍රීඩා කවුන්සිලයේ නව සාමාජිකයින් නම් කිරීමට අපේක්ෂාකරන බවත් 1973 වසරේ ක්‍රීඩා පණත (25 වන වගන්තිය 4 වන වගන්තිය) යටතේ වසර දෙකක කාලයක් සඳහා පත් කරනු ලබන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනාම කවුන්සිලයේ සාමාජිකත්වය දරණු ඇතැයි අපේක්ෂා කරන බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබුනා.

ඔවුන්ගේ ප්‍රධාන කර්තව්‍යය වනුයේ රටේ ක්‍රීඩා සංවර්ධනයට අදාළ කරුණු පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීමයි.

සංගක්කාර සහ ජයවර්ධන හැරුණු විට ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව නඟා සිටුවීම සඳහා නිරන්තරයෙන් කැපවී සිටින වෘත්තිකයන්ගේ සමන්විත තවත් කිහිප දෙනෙකු මෙහි පත්වීම් ලබනු ඇතැයි අපේක්ෂා කෙරේ.

-newshub
gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by