කොළඹ සහ අවට ප්‍රධාන පෙළේ පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් ඉන්හේලර් ආකාරයෙන් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ නවතම ජාවාරමක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.
ශ්වසන ආබාධ සඳහා භාවිත කෙරෙන ආකාරයේ ඉන්හේලර් වර්ගයක් ලෙසින්ම මෙම ඉන්හේලර් වර්ගය නීතියට අසු නොවන ආකාරයට පාසල් දරුවන්ට ලබා දෙමින් ඔවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කර ගැනීම මෙම ජාවාරම්කරුවන්ගේ ඉලක්කය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න මහතා පැවැසීය.
මෙම ඉන්හේලර් ආකාරයේ මත්ද්‍රව්‍ය එකක් රුපියල් පහලොස් දහසක වැනි මිලකට විකුණා ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇති අතර මේ සම්බන්ධව අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා පොලිසිය විමර්ශන සිදු කරයි.
මත් ජාවාරමුන්ගේ ගිණුම් හරහා කෝටි 220 ක් එහා මෙහා ගිහින්
පසුගිය සති දෙකක කාලයේදී නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමුන්ගේ ගිණුම් හරහා රුපියල් කෝටි දෙසිය විස්සකට අධික මුදලක් නීති විරෝධීව සංසරණය වී ඇති බවට විමර්ශනවලදී හෙළි වී තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා ජාවාරමුන් විසින් උපයා ගත් මුදල් පරිහරණය කළ ආකාරය, ඒවා යොදවා විදේශයන් හි ආයෝජන සිදු කළේ ද යන්න මේ වන විටත් විමර්ශනය කෙරෙමින් පවතින බවද වාර්තා වේ.
පාසල් සිසුන්ට ඉන්හේලර් මඟින් මත්ද්‍රව්‍ය බෙදන අලුත් ජාවාරමක් !
2020-08-15T12:37:00+05:30
Lanka Hot News