බේරූට් පිපිරීමෙන් තුවාල ලැබූ ලාංකිකයින් සංඛ්‍යාව 10 දක්වා ඉහළට !

ලෙබනනයේ බේරූට් අගනුවර සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ ලාංකිකයින් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

බේරූට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ, සිය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ නිවාස ප්‍රතිසංස්කරණය ආරම්භ කර ඇති බවයි.


ලෙබනනයේ වෙසෙන ලාංකිකයින්ට සහන සැලසීම සඳහා සෑම දිනකම උදෑසන 8 සිට පස්වරු 4 දක්වා තානාපති කාර්යාලය විවෘතව තැබෙන බව තානාපති කාර්යාලය සඳහන් කරනවා.

අවතැන්වූවන්ට වියළි ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම අඛණ්ඩව සිදු කෙරෙමින් පවතින බව ද තානාපති කාර්යාලය සඳහන් කළේ ය.

මේ අතර එරට වෙසෙන ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකතන අංකයක් ද හඳුන්වා දී තිබේ.

ඒ අනූව 00961 576 95 85 යන අංකය ඇමතීමෙන් ලාංකිකයින් පිළිබඳ තොරතුරු ලබාගත හැකියි.

ලෙබනනයේ වෙසෙන ලාංකිකයින් සංඛ්‍යාව 25000කි.
gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by