කොඩියේ මන්ත්‍රීධූරය අහෝසි කරන්නැයි මැතිවරණ කොමිසමට ඉල්ලීමක්

අපේ ජනබල පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය වහා අහෝසි කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ. මෙම මන්ත්‍රීධූරය වෙනුවෙන් භික්ෂූන් වහන්සේ කිහිප නමක් ඇතුලු පිරිසක් වාද විවාද ඇතිකරගැනීම හේතුවෙන් බෞද්ධ ශාසනයට සිදුවන අපකීර්තිය සැලකිල්ලට ගෙන රාමඤ්ඤ මහනිකාය වෙනුවෙන් තමන් මැතිවරණ කොමිසමෙන් මෙම ඉල්ලීම කළ බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කළේය.


මෙවර මහමැතිවරණය සඳහා කොඩිය ලකුණින් ඉදිරිපත්වූ අපේ ජන බල පක්ෂය ලබා ගත් ඡන්ද ප්‍රතිශතය අනුව එම පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනයක් ලැබී තිබේ.

කෙසේ වෙතත් මේ දක්වා එම මන්ත්‍රීධූරයට කිසිවෙකු පත් කර නොමැති අතර පක්ෂය අභ්‍යන්තරයේ පවතින අර්බුදකාරී තත්වය ඊට හේතුවී ඇති බවද වාර්තා වේ.
gossip lanka