ජනතාවගේ පොදු මතයට ගැලපෙන මහ පොළවේ පය ගසා සිටින පක්ෂයක් ලෙස එ.ජා.ප. ය පූර්ණ පරිවර්තනයක් සිදුකර ගත යුතු යැයි පුත්තලම දිස්ති‍්‍රක් එ.ජා.ප. අපේක්ෂක කණ්ඩායම් නායක ලෙස ඉදිරිපත්ව පරාජයට පත් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලිත රංගෙ බණ්ඩාර මහතා ඊයේ (07 දා) කීවේය.
අපි ජනතාවගේ කැමැත්තට හිස නවනවා. මේ කැමැත්තෙන් සිදුවුණේ ප්‍රබල රජයක් හා දුර්වල විපක්ෂයක් බිහිවීමයි. ඊට හේතුව වුණේ රටේ බලගතුම ප්‍රධාන පක්ෂය වන එ.ජා.ප. ය කඩා බිඳ දමා වෙනම බලවේගයකින් ඉදිරිපත් වීමෙන් රජයට තම ඡුන්ද ව්‍යාපාරය
නිදහසේ කර ගනිමින් කලකිරුණු ජනතාව ළංකර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීමයි. සජිත්ට පක්ෂයේ අභ්‍යන්තර ගැටලූ නිරාකරණය කරගෙන ඉදිරියට යෑමට තිබුණා. ඔහුට අවශ්‍ය බලය ලබා දුන්නා. ඒත් ඔහු වෙනම කඩාගෙන ගියා. අද රටට දුර්වල විපක්ෂයක් හිමි වී තිබෙනවා.
පත්වූ නවක මන්තී‍්‍රවරුන් තව වසර දෙකක් පමණ පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, ස්ථාවර නියෝග හා තවත් කරුණු අධ්‍යයන කරන විට ආණ්ඩුව අත්තනෝමතිකව, ඒකාධිපති බලතල ඇතිව ගමන් කරාවි. පළපුරුදු සටන්කරුවන් සටන් බිමේ නෑ. ජනතාව යුද්දෙන් පරදීවි. රජයට සිංහල, බෞද්ධ බලවේග තිබියදී සජිත්ට එවන් බලවේග අඩුවෙලා. එයත් ඛේදවාචකයක්.
‘මාළුවාට ජලය ඕනෑ වනවා’ මෙන් ඇතැම් වැරදි කළ අය හා පනින්නට සිතා සිටින අය ‘ගෝඨාභය සරණං, ‘මහින්ද සරණං’ සොයා එහි යාවි. ජනතාව අතරමං විපක්ෂය දුර්වලයි.
ආණමඩුවේ ජනතාව ද ආණමඩුව සංවර්ධනය කළ අය අමතක කරලා. උපන් අය අමතක කරලා. පිටතින් පැමිණි අය දිනවලා. එසේ කොට ආණමඩුව ජනතාව මොනවද කරගන්න, දිනාගන්න බලා ඉන්නේ. පිටත අය පළමුවැන්නා කරවීමටත්, ආණමඩුව අපේක්ෂකයෝ පහළට දැමීමටත් ආණමඩුව ජනතාව කටයුතු කරලා. එහි ප්‍රතිඵල ඔවුනට ඉදිරි කාලයේ ලැබේවි.
අපගේ දැක්ම තේමාව වී තිබුණේ පොහොසත් ආණමඩුවක් ඇති කිරීමයි. ඒත් ජනතාවගේ අපේක්ෂාව හා ජයග්‍රහණය වූයේ අරක්කු ආණමඩුවක් කරලීමටයි. දිස්ති‍්‍රක්කයේ වැඩිම සිංහල බෞද්ධයන් සිටින ආණමඩුවට එවැනි ඛේදජනක තත්ත්වයක් ඇතිකරලීමට ඇතමුන් ගන්නා උත්සාහය, කුමන්ත්‍රණය ජනතාවට නොපෙනීම අවාසනාවක්.
සෞභාග්‍යයේ දැක්ම ලබාගැනීමට කන පැළෙන්න බීමතින් යා යුතුයි කියා ඔවුන් සිතනවා ඇති.
එජාපය 2025 සඳහා අළුමතින් නැගී සිටින ෆීනික්ස් පක්ෂියකු මෙන් නැගී සිටිනවා.
ආණමඩුව - ටෙරන්ස් වනිගසිංහ
අපේ තේමාව වුණේ පොහොසත් ආණමඩුවක් ජනතාවට ඕනෑ වුණේ අරක්කු ආණමඩුවක් - රංගෙ බණ්ඩාර
2020-08-08T08:59:00+05:30
Lanka Hot News