මහනුවර, බෝගම්බර බන්ධනාගාරය නැවත පවරා ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ, බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීමේ අරමුණින් බෝගම්බර බන්ධනාගාරය නැවත පවරා ගන්නා බවයි.
මේ අතර බන්ධනාගාර ඉතිහාසයේ පළමු වරට රැඳවූවන්ගේ සංඛ්‍යාව මේ වන විට 30,000 ඉක්මවා ගොස් තිබෙනවා. එසේ නමුත් බන්ධනාගාරවල පහසුකම් ඇත්තේ රැඳවූවන් 11,000 කට පමණ සංඛ්‍යාවකට යැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ. රැඳවූවන් සම්බන්ධයෙන් නිකුත් කර ඇති අලුත්ම වාර්තාවට අනුව පෙරේදා (09) වන විට රැඳවූවන් සංඛ්‍යාව 30,054ක් සිටින බව සඳහන්.
මේ අතරින් 28,469 දෙනෙක් පිරිමි රැඳවූවන් වන අතර කාන්තා රැඳවුවන්ගේ සංඛ්‍යාව 1,585ක් වේ. අභියාචනා ඉදිරිපත් කළ රැඳවුවන් 1,404 දෙනෙක් මෙන්ම අධිකරණයේ දී විභාග වන නඩු වෙනුවෙන් 21,439 දෙනෙක්ද මේ අතර වෙති. එමෙන්ම වරදකරුවන් වී සිටින රැඳවූවන් සංඛ්‍යාව 7,211 දෙනෙකි.