ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව විසින් පෞද්ගලික සමාගමකට බදු දුන් , කුරටියාමොට්ට ප්‍රදේශයේ පිහිටි ඉඩමේ පරිසර විනාශයක් ඉදිරියේදී සිදුවුවහොත් අදාළ ඉඩම පවරා ගන්නා බව වනජීවි හා වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක පැවසුවේය.
අක්කර 5200 කින් යුතු අදාළ ඉඩම සිමෙන්ති සංස්ථාව විසින් පෞද්ගලික සමාගමකට බද්දට ලබාදී තිබියදී, ඉඩමේ කොටසක් පසුගියදා ගිනිතබා පරිසරයට දැඩි හානියක් සිදුකර තිබිණි.
මේ පිළිබඳව සොයා බැලීමට ඇමැති සී.බී.රත්නායක ඊයේ (14 වැනිදා) එහි සංචාරයකද නිරත විය. මෙවැනි පරිසර හානි ඉදිරියේදී සිදුවුවහොත් අදාළ සමාගමට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත්, අදාළ ඉඩම පිළිබඳව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව සොයා බැලීමක් සිදුකර නොමැති බවත් ඇමැතිවරයා එහිදී කීවේය.