අතිශය කාර්‍යබහුල ව්‍යාපාර ජීවිතයෙන් අත්මිඳී, විශ්‍රාම ගැනීමට සූදානම් බව අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කර තිබේ.
ඊට පෙර තමා විසින් නිමකරන අවසන් ව්‍යාපෘතිය වන ගාල්ල උණවටුනේ ඉදිවන තරු පංතියේ සංචාරක හෝටලයේ අවසන් අදියරේ කර්තව්‍යයන් නිරීක්ෂණයට එක්වෙමින් සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.
"ගාල්ල උණවටුනේ ඉදිවන මාගේ අලුත්ම සංචාරක හෝටලයේ අවසන් අදියරේ කර්තව්‍යයන් නිරීක්ෂණය කිරීම සඳහා මා අද දින එහි ක්ශේත්‍ර චාරිකාවකට සහභාගී වුණෙමි.