කුරුණෑගල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුව මාධ්‍යවේදීන්ට තහනම් කරයි

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ දින පැවති එම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව කිසිදු මාධ්‍යවේදියකුට වාර්තා කිරීම තහනම් කර තිබේ.

එම දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සඳහන් කරන්නේ සම්බන්ධීකරණ කමිටුව වාර්තා කිරීම මාධ්‍යවේදීන්ට තහනම් කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළමු වතාවට බවයි.


ඊට පෙර පැවති සෑම රැස්වීමක් සඳහා සහභාගී වන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා විසින් මාධ්‍යවේදීන්ට ආරාධනා කර තිබිණි.

නව රජයේ යටතේ පවත්වන පළමු සම්බන්ධීකරණ රැස්වීම මාධ්‍යවේදීන්ට තහනම් කිරීමට ගත් තීරණය ගැන දැඩි විරෝධය පළ කරන බව මාධ්‍යවේදීන් සඳහන් කරති.

මෙම රැස්වීම මාධ්‍යවේදීන්ට තහනම් කර ඇත්තේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා විසින් කරන ලද දැනුම් දීමක් හමු යයි කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් වරයා සඳහා සඳහන් කර ඇත.
gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by