ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් විසින් පදවන ලද වාහනයක හැපී මිය ගිය පුද්ගලයා වෙනුවෙන් ඔහුගේ පවුලේ අයට ලබා දෙන බවට එකග වූ වන්දි මුදලේ ඉතිරි කොටස ගෙවන්නැයි අධිකරණ විසින් ඔහුට නියෝග කර තිබේ. රුපියල් ලක්ෂ අටක් වන එම හිග මුදල බැංකු ගත කළේ යැයි සාක්ෂි මීළඟ නඩු වාරයට ඉදිරිපත් කරන ලෙස ද අද දිනයේ ඔහුට අධිකරණය විසින් නියෝග කර ඇත.