පොලොන්නරුව උපදේශයේ ප්‍රදේශ කිහිපයකට අහසේ සිට ඇදවැටුණු අගන්තුක ද‍්‍රව්‍යයක් හේතුවෙන් එම ප්‍රදේශවාසීන් දැඩි භීතියකින් පසු වෙයි.
අද දවස පුරාම වරින් වර මෙම ද්‍රව්‍ය අහසින් වැටුනු බව ද ඔවුහු කියති.
අතින් ඇල්ලීමේදී නුසුදුසු වූ ස්වභාවයක් ගන්නා මෙම ද‍්‍රව්‍ය මකුණු දැල් වලට සමාන බව ද ප්‍රදේශවාසීන් සඳහන් කරති.
මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව මහත් තැතිගැන්මකට පත්ව සිටින බව දිඹුලාගල ආරණ්‍යවාසී පූජ්‍ය චුල්ලපන්තකාලංකාර හිමියන් සඳහන් කරති.
මේ වන විට එම ප්‍රදේශය තුළ උල්කාපාත, පාවෙන පීරිසි, පිටසක්වල ජීවින් ගැන විවිධ මතවාදයන් පැතිරී යමින් ඇති බවද උන් වහන්සේ කියති.