ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ ගිනි ගනිමින් තිබේ.
අම්පාර සංගමන් කන්ද සිට සැතපුම් 38ක් පමණ ඈතින් මුහුදේ මෙම නෞකාව ගිනි ගනිමින් තිබේ.
එහි කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවක් මේ වන විටත් කටයුතු කරමින් සිටී.
නාවික හමුදාව සඳහන් කරන්නේ පැනමා රාජ්‍යයට අයත් මෙම ඉන්ධන නෞකාව ඉන්දියාව බලා යමින් සිටි එකක් බවයි.
එම මුහුදු ප්‍රදේශය වෙත දැනටමත් නාවික නෞකා තුනක් යැවු බවද නාවික හමුදාව සඳහන් කරයි.
අම්පාර මුහුදේ විදෙස් තෙල් නැවක් ගිනිගනී.. නාවික හමුදාව දිවි නොතකා මානුෂික මෙහෙයුමේ
2020-09-03T12:35:00+05:30
Lanka Hot News