කොළඹ පොත් ප‍්‍රදර්ශණයට යන්න එපා.. කොරෝනා අවදානම ඉහලයි - වසංගත රෝග අංශ ප‍්‍රධානී

කොරෝනා වෛරස ව්‍යාප්ති අවදානම තවමත් සම්පූර්ණම පහව නොගිය තත්ත්වයක් තුළ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වැනි කටයුතු සංවිධානය කර ලක්ෂ ගණනක් ජනතාව එක්රැස් කිරීම අනුමත නොකරන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.



එවන් ස්ථානයකට එක් කොරෝනා ආසාදිතයකු පැමිණියහොත් කෙටි කාලයක් තුළ රට පුරා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි ද ඔහු පැවසීය.

හැකිනම් මෙම පොත් ප්‍රදර්ශනයට පැමිණීමෙන් වැළකී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කී ඔහු ළඟම ඇති පොත් හලකින් හෝ වෙනත් ක්‍රමවේදයකින් අවශ්‍ය පොත් මිලදී ගැනීමට කටයුතු කරන්නැයි ද ඉල්ලා සිටියේය.

පොත් ප්‍රදර්ශනය පැවැත්වීම සිදු කරන්නේනම් සෞඛ්‍යය නිර්දේශ උපරිමව ක්‍රියාත්මක කරන ලෙසත් සංවිධායකයන්ද ආරක්ෂිතව කටයුතු කරනු ඇති බවත් බලාපොරොත්තු වන බවද ඔහු තව දුරටත් පැවසීය.
gossip lanka