ඩඩ්ලිගේ අරලිය කීරි සම්බා පාලන මිලත් පන්නා දෙයි (හඬපට සහිතයි)

අංක 270/7 - 2020 අප්‍රේල් 10 වැනිදා නිකුත් කළ රජයේ ගැසට් නිවේදනයට අනුව කීරි සම්බා සහල් කිලෝවක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 125/ක් වුවද, අරලිය සහල් මෝල එය තොග වෙළඳුන් වෙත නිකුත් කරන්නේද ඊට වඩා වැඩි මිලකට බව මේවන විට හෙළිව තිබේ.

ඒ පොළොන්නරුවේ පිහිටි අදාළ හාල් මෝලෙන් තොග වෙළෙන්දකු විසින් දුරකථනයෙන් කරන ලද විමසීමකට එහි සේවිකාවක් හා සේවකයකු විසින් ලබාදෙන පිළිතුරු හඬපටයක් හේතුවෙනි.

අදාළ තොග වෙළෙන්දා විසින් අරලිය සහල් මොලේ කාර්යාල සේවකයකුගෙන් කරනු ලබන විමසීමකදී ඔහු කියා සිටින්නේ කීරි සම්බා කිලෝවක් අරලිය සහල් මෝලෙන් ලැබෙන්නේ රුපියල් 130/- ක මිලකට බවයි.

“අරගෙන කරන්න පුළුවන් නම් විතරයි දෙන්නේ…පාලන මිල 120/යි නේ..” යනුවෙන්ද කියා සිටී.

කෙසේවුවද, හාල් මිටියක මිල සඳහන්ව ඇත්තේ රුපියල් 120/ ක් ලෙස බවද එහි සේවිකාවක කියා සිටී.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී හෙළිවූයේ වෙළඳ පොළ තුළ සහල් හිඟයක් පවතින බැවින් තොග වෙළෙන්දන්ට ද හාල් ලැබෙන්නේ පාලන මිල ඉක්මවා බවයි.

අරලිය සහල් හිමිකරුවන්නේ හිටපු ජනපතිවරයාගේ සොයුරු ඩඩ්ලි. සිරිසේන මහතාය.

තොග වෙළෙන්දා හා සේවකයා-සේවිකාව අතර සිදුවූ සංවාදයේ හඬපටය පහතින්…
හාල් මිල පාලනය කළ ගැසට් පත්‍රය.
gossip lanka