ශ‍්‍රීලනිප අපි ආණ්ඩුවේ ඉන්නේ දැඩි කලකිරීමෙන් - දයාසිරි

වත්මන් ආණ්ඩුවේ පාර්ශව කරුවකු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැඩි කලකිරීමකින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

සිරස රූපවාහිනිය සමඟ සාකච්ඡාවක දී ඒ මහතා මේ බව සඳහන් කළේය.

මැතිවරණ ංයග‍්‍රහණයන්ට දායක වූ අය ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට සංවිධායකයන්ට ලැබිය යුතු ගෞරවය මෙම ආණ්ඩුව මඟින් නොලැබෙන බවත් ඔහු පැවසීය.

එමෙන්ම ‍රජයේ ප්‍රතිපාදන වලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන නියෝජිතයන්ට ලැබිය යුතු ශක්තිය නොලැබෙන බවද ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් තමන්ට විශාල කනගාටුවක් ඇති බවත් මේ සියලු ප්‍රශ්න වලට අවසානයේ වරදකරු බවට පත් වෙන්නේ තමන් බවත් ඔහු එහිදී පැවසීය.

තමන්ගෙන් මෙම ප්‍රශ්න ගැන විමසද්දී දීමට උත්තර නැතිව යන බවත් පැවසූ ඔහු ඒ නිසා හැකි ඉක්මනින් මෙම ගැටලු විසඳාගත යුතු බවත් සඳහන් කළේය. 
gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by