ආණ්ඩුව ගෙන ඒමට විශේෂයෙන්ම දරදිය අදිනු ලැබුවේ ස්වාමීන්වහන්සේලා බවත්, දැන් සංඝයා වහන්සේලා ඉතාමත් කලකිරීමකින් සිටින බවත් මාගල්කන්දේ සුදත්ත හිමියන් මාධ්‍ය හමුවක් පවත්වමින් සදහන් කර සිටියේය.
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකව සිටි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව එම තනතුරෙන් පහත හෙළීම පිළිබඳවද අප්‍රසාදය පළ කර උන්වහන්සේ කියා සිටියේ මෙවැනි අත්තනෝමතික ක්‍රියා අනුමත කළ නොහැකි බවයි.
එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවේ සිටි රිෂාඩ් බදියුද්දීන් හිටපු අමාත්‍යවරයාගේ සහෝදරයාව නීතිපති උපදෙස්වලින් තොරව හා අධිකරණ ක්‍රියාවලියෙන් පරිබාහිරව පොලිසිය විසින් නිදහස් කිරීම හරහා පාස්කු ප්‍රහාරයට ලක්වූ පවුල්වලට දැඩි අසාධාරණයක් වන බව උන්වහන්සේ අවධාරණය කරනු ලැබූහ.