ශ‍්‍රී ලංකාව කොරෝනා රෝගී ආසාදිත බල ප්‍රදේශයක් ලෙස නම් කරන ලද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
නමුත් රට පුරාම පුද්ගලික හා රාජ්‍ය ආයතන ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත පවත්වාගෙන යා හැකි යැයි ද ඔහු පවසයි.
පවත්වාගෙන යන ඕනෑම ආයතනයක සිටින සේවකයන් සංඛ්‍යාව ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් විසින් නිර්දේශ කරනු ඇති බවත් ඒ අනුව සේවක සංඛ්‍යාව පවත්වාගෙන යා යුතු බවත් ඔහු පැවසීය.