දැනට රට තුල පවතින සෞඛ්‍යමය තත්ත්වයන් හේතුවෙන් මහජනතාව එක්රැස් වන කිසිදු කටයුත්තකට සහභාගී නොවී සිටීම මහජන වගකීමක් බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් ප්‍රකාශ කර සිටිනවා.
නිවෙස්වලින් පිටතට පැමිණෙන විට මුහුණු ආවරණයක් සෑම විටම පැළදිය යුතු බවත් අත් සේදීම සහ මුහුණු ස්පර්ශ කිරිමෙන් වැළකී සිටිය යුතු බවත් ආසාදිත පුද්ගලයෙකු ගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරීම වැළැක්වීමට සෑමවිටම නිවැරදි ශ්වසන ආචාර විධි අනුගමනය කළ යුතු බවයි වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.