මියගිය කොරෝනා රෝගී කාන්තාවට ප්‍රතිකාර කළ හෙදියට අත්වූ ඉරණම

කුලියාපිටිය, යාකරවත්ත නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කුලියාපිටිය ශික්ෂණ රෝහලේ හෙද නිලධාරිනියකට කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි කුලියාපිටිය රෝහල් ආරංචි මාර්ග පවසනවා.

කුලියාපිටිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට අයි.ඩී.එච් රෝහලට මාරු කළායින් අනතුරුව කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය කාන්තාවට සාත්තු කිරීම නිසා දැඩිසත්කාර ඒකකය, 11 වාට්ටුව, 15 වාට්ටුව ආදී වාට්ටුවල වෛද්‍යවරුන් 13ක් හා හෙද හෙදියන් ඇතුළු 54 දෙනකු එම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිට තිබෙනවා.

කෙසේ වෙතත් මුල් වතාවේ එම මධ්‍යස්ථානයේ සිටි සියලු පිරිසගේ වාර්තා කොවිඩ් ආසාදනය නොවූ බවට ලැබී තිබුණද යළිත් සිදුකළ පී.සී.ආර්. පරික්ෂාවෙන් ආසාදිත බවට තොරතුරු ලැබී තිබෙනවා.
gossip lanka