මැතිවරණයට පෙර පොදුජන පෙරමුණ සමග සන්ධානගත වෙද්දී එකඟ වූ පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු නොවූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. මහනුවර දී (ඊයේ) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් සිදු වන්නේ ද රට ආපස්සට යාමක් බවට ඔහු පෙන්වා දුන්නේය.
අද ඇතැම් ඇමතිවරුන් තම පාක්ෂිකයන්ට කෙනෙහෙලිකම් කරමින් සිටින බවද ශ්‍රීලනිප නායකයාට අපහසු උපහාස කරන බවත් ඔහු පැවසීය.
පාස්කු ඉරිදා ප්රශ්නය මුල්කරගෙන පක්ෂ නායකයා අත්අඩංගුවට ගැනීමට උවමනාය යයි පවසන බවත් ඔහු කියා සිටියේය.