කොරෝනා මරණ අත්හදා බැලීමට භූමිදානය නොකළ යුතුයි – එය ඉතා අවධානම් – සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත - (video)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සම්මානිත  මහාචාර්ය ජිනදාසා කටුපොත මහතා පවසන්නේ කොවිඩ් -19 මළ සිරුරු භූමදානය කිරීම ආරක්ෂිත බව පර්යේෂණයකින් තහවුරු වන තුරු සිදු නොකළ යුතු බවයි.

රටේ වියළි කලාපය මේ සඳහා සුදුසු යැයි සමහරු යෝජනා කළත් තලෙයිමන්නාරම් හෝ ශ්‍රී ලංකාවේ වෙනත් වියලිකලාපිත ස්ථානයන් නොමැති බවත් ඒම ස්ථාන  ආරක්ෂිත බව පර්යේෂණවලින් සනාථ නොවන බව ඔහු තවදුරටත් කියා සිටියිි.

“කොරෝනා වෛරසය අධික උෂ්ණත්වයෙන් විනාශ නොවන බව විද්‍යාඥයින් දැන් සොයාගෙන ඇති අතර එකම විසඳුම වෛරසයෙන් මිය යන අය ආදාහනය කිරීමය යැයිද ඔහු පැවසීය.

මෙවැනි තීරණ ගැනීමේදී විශේෂඥයින්ගේ අදහස් නොසලකා නොහරින ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අතර ජාතිවාදයෙන් තොරව මෙය විසඳිය යුතු බවත් කොවිඩ් -19 මළ සිරුරු ආදාහනය කළ යුතු බවත් දැඩිව  හේතු සහිතව අවධාරණය කරයි.

මේ ඔහු පළ කල අදහස් සහිත සම්පූර්ණ වීඩියෝව නරඹන්න
gossip lanka