පාස්කු ප්‍රහාරයෙන් පස්සෙත් ඉස්ලාම් අන්තවාදය නතර වෙලා නැහැ ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඒක ජයටම කරගෙන යනවා - ඥානසාර හිමි - (video)

මහජන බදු මුදලින් නඩත්තු කරන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවය හරහා සම්ප්‍රදායික මුස්ලිම් ජනතාව තුළ වහබ්වාදී අනත්වාදී අදහස් රෝපණය කිරීම සඳහා කටයුතු කරමින් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ඊයේ (21) ජනමධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හමුවී ඊට සම්බන්ධ සියලු තොරතුරු ලබාදුන් බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ පැවසූහ. 

මීට වසර අටකට පමණ පෙර සිටම මෙරට සම්ප්‍රදායික මුස්ලිම්වරු අන්තවාදයට ඇද දමන වහබ්වාදී ක්‍රියාවලිය පිළිබඳ ටමන් වහන්සේ කරුණු හෙළිකරමින් පැවති අතර පාස්කු ප්‍රහාරයෙන් එය සනාථ වූ බවයි උන්වහන්සේ පැවසුවේ. 

පාස්කු ප්‍රහාරය වැනි සිදුවීමක් අවසානයේදීත් ජාතික ගුවන් විදුලියේ මුස්ලිම් සේවය යොදාගෙන වහබ්වාදී නායකයන් තවදුරටත් අන්තවාදය පෝෂණය කරමින් පවතින බව ඥානසාර හිමියෝ සඳහන් කළහ.

''අපි ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයාට කතා කළා. එතුමා යම් යම් ක්‍රියාමාර්ග ගත්තා මේක නතර කරන්න. නමුත් අවාසනාවකට ඒ පිළිබඳ මෙලෝ අදහසක් නැති ඇතැම් මුස්ලිම් අන්තවාදී වරදානවලට යටත් වුණ සමහරක් නිලධාරීන් විශේෂයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙන්න පුළුවන් වෙනත් පාර්ශවයන් වෙන්න පුළුවන් මුදල්වලට හෝ වෙන මොන යම් හෝ වරදානවලට යටවෙලා මේ වැඩපිළිවෙල තවමත් බොහොම ජයට ගුවන් විදුලි සංස්ථාවේ කරගෙන යනවා''

ඒ අනුව ඊට සම්බන්ධ පුද්ගලයන් ගැන අමාත්‍යවරයාට දැනුම් දුන් අතර වහාම ඔවුන්ගේ සේවය නතර කර මුස්ලිම් ආගමික කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කරන ලෙසත් ඉල්ලා සිටි බව උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ. 
gossip lanka