කොරෝනා මෘතදේහ භූමදානයට විද්වත් කමිටු අනුමැතිය ලැබේ - සියළු නිර්දේශ මෙන්න

කොවිඩ් වෛරසය ආසාදිතව මරණයට පත්වන පුද්ගලයන්ගේ මළසිරුරු භූමදානය කිරීමට අවශ්‍ය නිර්දේශ ලබාදුන් බව, සෞඛ්‍ය ලේකම්වරයා විසින් පත්කළ විද්වත් කමිටුවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය පවසයි.

කරුණු 07 ක් මත කොවිඩ් මරණ භූමදානය කිරීම සඳහා අවසර ලබාදුන් බවයි මහාචාර්යවරිය, පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී පවසා තිබේ.

පසුගිය දෙසැම්බර් මස 28 වැනිදා එහි අවසන් වාර්තාව තමන් ඇතුළු 09 දෙනෙකුගෙන් යුත් කමිටු සාමාජිකයන් විසින් බාර දුන් බව ද ඇය සඳහන් කළාය.

භූමදානය කිරීමේ දී පිලිපැදිය යුතු නිර්දේශ හතක් ඉදිරිපත් කළ බවද සඳහන් කළ ඇය එකී නිර්දේශද එහිදී පහදා දුන්නාය.

භූමදානය කරන්නේ නම්,

1.ඒ පිලිබද නිසි බලධාරියා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පත් කල යුතු අතර ඔහු එය අධීක්ෂණය කළ යුතුය
2.මෘත දේහය එම්බාම් කිරිමක් හෝ නිවසට රැගෙන යාම තහනම්
3.භූමදානය පැය 24ක් තුල කළ යුතුය
4.පවුලේ ඥාතින් 04 දෙනෙකුට මිනිත්තු 05 ක කාලයක් දේහය බැලීමට අවසර
5.ජලයට නිරාවරණය නොවන ලෙස මල සිරුරූ බහාලන බෑග් දෙකක දමා මිනීපෙට්ටියක තැන්පත් කළ යුතුය
6.ආගමික නායකයෙකුට ආගමික කටයුතු සඳහා අවසර
7.මිනි පෙට්ටියට බාහාලිමෙන් පසු කිසිම හේතුවක් විවෘත නොකළ යුතුය
gossip lanka