පස්සර ලුණුගල මාර්ගයේදී 15 දෙනකුට මරු කැදවමින් සිදුවූ බස් අනතුරේ බසය පැදවූ රියැදුරා සන්තකයේ රියැදුරු බලපත්‍ර 5ක් තිබී ඇති බව අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී පොලිසිය අනාවරණය කොටගෙන ඇත්තේ මෙම රියැදුරා වරින් වර වෙනත් පුද්ගලයන් පස් දෙනකුගේ රියැදුරු බලපත් උපයෝගී කර ගනිමින් බස් රථ ධාවනය සිදු කර ඇති බවකි.
ඒ අනුව වැරදි කිහිපයක් යටතේ මෙම රියැදුරාට එරෙහිව නඩු පැවරීමට පොලිසිය පියවර ගෙන ඇත.