ප්‍රසිද්ධ ස්ථානයකදී දැරියන් 06ක් නිරුවත් කළ වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි - (video)

අශිෂ්ට යාතුකර්මේ ගැන පැමිණිල්ලක් නැතැයි පොලිසිය කියයි ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි කුඩා දැරියන් සය දෙනකු නිරුවතින් ප්‍රසිද්ධ ස්ථානයක සිටින පුවතක් එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ වර්ෂාව ප්‍රාර්ථනා කිරීමේ පූජාවක අංගයක් වශයෙනි. මේ වන විට මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තයේ දැඩි නියඟයක් හටගෙන තිබේ.

මේ සම්බන්ධව නිකුත් කර ඇති වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය අතර වේගයෙන් සංසරණය වෙමින් පවතින අතර ඒවායේ දැක්වෙන්නේ ගෙම්බකු ගැට ගසන ලද රිටි උරහිසේ රඳවාගෙන එම දැරියන් නිරුවතින් එහා මෙහා ඇවිදින අන්දමයි.

එම දැරියන් අයත් බුන්දෙල්කාන්ද්හි වැසියන්ගේ විශ්වාසය වන්නේ අදාළ යාතු කර්ම මගින් වර්ෂාවට අධිපති දෙවියන් සතුටු කිරීමෙන් වැසි ලැබෙන බවය.

ඉන්දියාවේ ළමා අයිතීන් සුරැකීමේ කමිටුව අදාළ සිද්ධිය සම්බන්ධව දමෝවා දිස්ත්‍රික් බලධාරින් වෙතින් කරුණු විමසා තිබේ.

මධ්‍ය ප්‍රදේශ් පොලිසිය ප්‍රකාශ කරන්නේ ඒ පිළිබඳ කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති නමුත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බවයි.

3rd මෙම දැරියන් සය දෙනාම අවුරුදු පහට අඩු අය වෙති. ඔවුන් බලෙන් නිරුවත් කර ප්‍රදර්ශනය කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ප්‍රාදේශීය පොලිස් ප්‍රධානී ඩී. ආර්. තෙනිවාර් ප්‍රකාශ කර ඇත.

ඉන්දියාවේ කෘෂිකාර්මික කටයුතු බහුතරයක් සිදුවන්නේ මෝසම් වර්ෂාව මගිනි.

මේ නිසා එම ප්‍රදේශ බොහෝමයකම වර්ෂාව පතා විවිධ සාම්ප්‍රදායික ශාන්තිකර්ම ක්‍රියාත්මක වේ.

ඇතැම් ප්‍රදේශවල ඒ සඳහා ගිනි දෙවියන් පිදීම, ගෙම්බන් හෝ බූරුවන් සමග විවාහ වීම, ගීතිකා ගායනා කිරීමේ සිරිත් මුල්බැසගෙන
gossip lanka