2024 දී බිහිවන අලුත් පාලකයා ගැන ගෝතමී මෙහෙණින් වහන්සේගෙන් අනාවැකියක්

ගෝතමී මෙහෙණින් වහන්සේ ආධ්‍යාත්මික ශක්තීන් වඩවා, විශ්වයෙන් ලැබෙන අනාගත වැකි පිළිබඳව විශ්වාසනීයව මත ඉදිරිපත් කරන මෙහෙණින් වහන්සේ නමක්. ගෝතමී මෙහෙණින් වහන්සේ විසින් සිදුකරන්නට යෙදුණු අනාගත වාක්‍යය අතරින් අගෝස්තු මාසය අතර කාල සීමාවේදී අති ප්‍රබලයකුගේ අභාවය, 2022 කොරෝනා වෛරසය සහ බලපෑම එහි විනාශය ආදී අනාගත වාක්‍ය ප්‍රමුඛ තැනක් ගන්නවා.

2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ අලුත් පාලකයෙක් බිහිවන බවට ගෝතමී මෙහෙණින් වහන්සේ යූටියුබ් නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවක දී තවත් අනාගත වාක්‍යයක් පවසා තිබුණා.

ගෝතමී මෙහෙණින් වහන්සේ පවසන්නේ රටට ජාතියට, ශ්‍රී සම්බුද්ධ ශාසනයට ආදරයෙන් භක්තියෙන් වැඩකළ වැව්, දාගැබ් කරවා රට ස්වයංපෝෂිත කරන්නට, ශාසනය දියුණු කරන්නට කටයුතු කළ දේශමාමක චරිත නැවත නැවතත් මේ භූමියේ උපදින බවයි. එවැනි ප්‍රබල ආත්මයක් විශ්වයෙන් පැමිණ මේ භූමියේ ඉපදී ඇති බවත්, අධිෂ්ඨාන භාවනාව තුළින් ඒ පිළිබඳව දැන්ගත් බවත් ගෝතමී මෙහෙණින් වහන්සේ පවසා සිටිනවා.

එසේ ලංකාවත් බුද්ධ ශාසනයත් ගලවාගත හැකි කෙනෙකු බිහි වී ඇතත් ඒ පිළිබඳව වැඩිදුර විස්තර කීමෙන් ඔහුගේ ජීවිතයට හානියක් විය හැකි බවත් මෙහෙණින් වහන්සේ පවසා තිබුණා.

ගෝතමී මෙහෙනින් වහන්සේ පවසන එම චරිතයට 2024 දී විශ්ව ඥානය සම්බන්ධ වන බවත්, ඔහු තවමත් රටේ නායකයා වන බව නොදැන සිටින බවත්, 2024 දී ඔහුට මේ පිළිබඳ වැටහීම සහ අවබෝධයක් ඇති වන බවත් ගෝතමී මෙහෙණින් වහන්සේ පවසනවා.

ඔහු සංසාරිකව මේ භූමියේ රජ පෙළපතේ, සිටු පෙළපතේ ඉපදුනු සාරාසංඛ්‍යෙය කාලයකදී මතු බුදු බව පතන උත්තමයෙක් බව මෙහෙණින් වහන්සේ පවසනවා.

2025, 2026 කාලය වන විට එතුමාගේ නායකත්වය යටතේ බුද්ධ ශාසනය බැබළවෙනවා. සත්‍ය බුදු දහම අවබෝධ කර ගැනීමේ හැකියාව ඔහු තුළ පවතිනවා. පිරිසිදු නීති සම්ප්‍රදායක් හඳුන්වා දෙනවා. අන්‍යාගමිකයන්ගේ බලපෑම්වලින් බුද්ධාගමත්, ශ්‍රී ලංකාවත් බේරාගන්නවා. කෘෂිකර්මය දියුණු කරනවා. 2024 දී ඔහු අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවේ නායකත්වයට පත්වන බව ගෝතමී මෙහෙණින් වහන්සේ පවසනවා.
gossip lanka