“ඔයාට cancer එකක් කියලා මුලින්ම call කරලා කිව්වේ මට.." බුකියම හඬවමින්, පිළිකා මරුවා හා අවසන් ගමන් ගිය කිත්මි

මේ වෙනකොටත් දත් විලිස්සා සිටින කොවිඩ් මරුවා හිත්පිත් නැතිව අපේම සමීපතමයින්ගේ ජීවිත බිලි ගනිමින් ඉන්නවා.

ඒත්... මේ කතාව කොවිඩ් මරුවා ගැන නෙවෙයි. පිළිකා මරුවා හා සටන පැරදුණු තරුණියක් ගැන යි. ඇය පසුගිය දවසක අවසන් ගමන යන්න ගියා.

ඒ ඇගේ සමීපයෙන් සිටි සියලු දෙනාවම හඬවමිනු යි. මේ තියෙන්නෙ ඇය ගැන මුහුණු පොතෙන් හමුවූ සංවේදී සටහන් කිහිපයක්....

ආදරණීය කිත්මි,
අද ඔයා අපිව දාලා යන්නම ගියා... ඒ ගියෙ ඔයා ගැන ආදරණීය මතක ගොඩාක් අපි ලඟ ඉතුරු කරලා.. ඔයා දන්නවද, ඔයා ගොඩාක් වාසනාවන්තයි... තමන් මොන තත්වෙක හිටියත් හැමදාමත් එකම විදියට ආදරේ කරන පවුලක් ලබන්න ඔයා වාසනාවන්ත උනා.. එක දවසක් දෙකක් හරි ඔයාව ආශ්‍රය කරලා උනත් හදවතින්ම ඔයාට ලං උන යාලුවෝ ලබන්න ඔයා වාසනාවන්ත උනා.... ඔයා හරිම ආදරණීය කෙනෙක්.. ඒ වගේම හැම කෙනෙක්ටම එකම විදියට ආදරය කරුණාව දක්වපු කෙනෙක්.. අදින් පස්සෙ ඔයා අපි එක්ක නෑ කියලා දැනෙද්දි කියාගන්න බැරි දුකක් දැනෙනවා... ඒත් මම පුංචි කාලෙ අහලා තිබ්බා, "දෙවියො ගොඩාක් හොඳ අයව ඉක්මනට එයා ලඟට ගන්නවා" කියලා.. එහෙනම් මම නවතින්නම්... සුබ ගමන් කිත්මි..

දුක අකුරු කරන්නේ කොහොමද මම දන්නේ නැ Kithmiyooo..
ඔයාට cancer එකක් කියලා මුලින්ම call කරලා කිව්වේ මට.ඵ් දවස මට අද වගෙ මතකයි.මම වාහනෙ drive කරන ගමන් හිටියේ.මම උබ මට බොරුවක් කියන්නෙ නැ නෙද කියලා අහලා පැත්තකට නවත්තලා ඇඩුවා. එ වෙලාවෙ hospital එන්න එපා පහුවදාට එන්න කිව්ව.
එදා ඉදන් මට පුළුවන් හැම වෙලෙම මම උබව බලන්න ආවා.පෙරේදා බත් එක එවලා ඊයේ උබව බලලා යන්න එන්න බැරී උනානෙ මට පොඩ්ඩක්.අද මම එනකොට ඔයා ගිහින්...
Cancer එකට කොන්ඩෙ යනකොට මමයි අර බර කොන්ඩෙ කපලා අතට ගත්තෙ.
මම හිතුවෙ නැ උබ මරුනම මට කට ගැට ගහන්නත් වෙයි කියලා..
වෙදනාවට එදා අතගාපු කකුල් අද සීතල වෙලා එකට ගැට ගහද්දී.
මට කල්පනාව නෑ දැන් මාව බලලා යන්න එන්න කියලා කිව්වාම මමයි Nushra ආව අන්තිම දවස එදා වෙයි කියලා හිතුනා නම් තව ටික වෙලවක් ඉදලා එනවා මන්.
1වසරෙ ඉදන් එකට ඉදලා උබ මාව දාලා කලින්ම ගිහින් ..
ඔයා හැම වෙලෙම මට කියන්නෙ Ayesh ta බනින්න එපා රන්ඩු කරන්න එපා කියලානෙ.කාත් එක්කවත් කෙන්ති ගන්න එපා කියලානෙ.ඔයා මැරුන දවසක මම හැදෙයි කියලානෙ , උබ මට වඩා ayesh ta ආදරෙ කියලා මම රන්ඩු වෙන්වා නෙද බන්.
කාගෙවත් හිතක් රිදෙන්න වචනයක්වත් උබ කියලා නෑ කිත්මියෝ..අහිංසක පින් වන්ත උබ දැන් දිව්‍යලෝකේ හිනා වෙලා සතුටෙන් ඇති ...ඉන්න තැනක පරිස්සමෙන් හිටපන් මැනික..අපි ආයිම හම්බුවෙන්න මම උබ තරම් පින් කරලා නෑ ඔහෙ එන්න
gossip lanka