හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පවසන්නේ මේ වන විට ත්‍රස්ත පනත යටතේ රඳවාගෙන සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පිළිබඳ මාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල වැරදි කරුණු ප්‍රචාරය කෙරෙන බවත් එම කරුණු සහ තමා පිල්ලෙයාන් හමුවීම පිළිබඳ පැහැදිලි කිරීමට අප්‍රේල් 16 වැනිදා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන බවත් ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පිල්ලෙයාන් අප්‍රේල් 13 වැනිදා මුණගැසීම පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු, වැඩිදුරටත් මෙසේ පැවසීය.
“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 10 ආ 1 යටතේ ඕනෑම රැඳෙවියෙකුගේ නීතිඥයාට හමුවීමේ අවස්ථාව තියෙනවා. ඔහුව බලන්න නීතිඥයා අප්‍රේල් 09 වැනිදා ගියා. එහෙත් ඒ නීතිඥයාට අවස්ථාව දුන්නේ නැහැ. ඒ නීතිඥයා මා එක්ක කිව්වා.
ඊට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට කතා කරලා අවසර නොදුන්නේ ඇයිද කියා ඇහුවා. ඔහු එවැනි සිදුවීමක් දන්නෑ කිව්වා. පිල්ලෙයාන්ගේ නීතිඥයා වැකේෂන් ගිහිල්ලා නිසා මම බලන්න ආවොත් ඉඩ දෙනවාද කියා විමසුවා.
ඊට පස්සේ මම ලියුමක් ලීවා මම නීතිඥයා කියන කරුණ සඳහන් කරමින්. එම ලියුම යොමු කරලා පැය කිහිපයක් ඇතුළත මට දැනුම් දීලා කිව්වා පහුවදා උදේ 10ට හමුවෙන්න කියලා. ඒ අනුව මම ගිහින් ඔහුව මුණගැහුණා. වැඩිදුර විස්තර මම මාධ්‍ය හමුවේදී කියන්නම්.”