ප්‍රසිද්ධියේ නොකීවාට හැමෝම වෙනදේ දන්නවා... අපිත් කොවිඩ් බලකායේ සක්‍රිය කටයුතු වලින් අයින් වුණා - GMOA

කොවිඩ් කාර්ය සාධක බලකායේ සක්‍රිය කටයුතු වලින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ඉවත් වී ඇති බව එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි. 

අවසානයේදී ක්‍රියාත්මක වන්නේ කොවිඩ් තාක්ෂණ කමිටුවේදී ගන්නා තීරණ නොවන බව තමන් මුල සිටම නිරීක්ෂණය කළ බව පැවසූ ඒ මහතා කවුරුත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළ ද සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න කාටත් පැහැදිලි බවයි සඳහන් කළේ. 

වෛද්‍ය නලින්ද හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (09) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පැවැත්වු මාධ්‍ය හමුවක් අමතමිනි. 
Previous Post Next Post