පාස්කු ප්‍රහාරයෙන් පසු එය වළක්වා නොගැනීම ගැන පැවති ආණ්ඩුව විවේචනය කළද පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කළ යුත්තේ කාටද යන්න තමන් පවසා නොමැති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පැවසූහ.
ඒ, අද (08) අගරදගුරු නිල නිවසේ දී පැවති මාධ්‍ය හමුවේදීය.
පැවති රජය විවේචනය කිරීමෙන් එවකට පැවති විපක්ෂයට සහය දැක්වූ බවට කිසිවෙකු හෝ පවසන්නේ නම් එය වැරදි අර්ථකථනයක් දීමක් බවයි කාදිනල් හිමියන් සඳහන් කළේ.
''අපි එහෙම පක්ෂයකට ආධාර උපකාර කරන්න ගියේ නැහැ. ජනාධිපතිවරණ ඡන්දය වෙලාවේදී ඔබතුමන්ලාට මතකද දන්නේ නැහැ මේ අගරදගුරු මැදුරේ ගේට්ටුවෙන් මෙහාට එකම පක්ෂයක හෝ ජනාධිපති අපේක්ෂකයෙක්ව පිළිගන්න සූදානම් වුණේ නැහැ. අපි ඒ අයව පිළිගත්තේ නැහැ. අපි සම්පූර්ණයෙන් මධ්‍යස්ථභාවය ආරක්ෂා කරන්න කටයුතු කළා. එක පක්ෂයකටවත් ජන්දය දාන්න කියල කිව්වේ නැහැ. හැබැයි අපි පැවති රජය තමන්ගේ යුතුකම් හරියට ඉටු නොකළ බව ප්‍රකාශ කළා.'' යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.