සජබ ආණ්ඩුවක් ආ හැටියේ මන්ත්‍රීවරුන්ට දීලා තියෙන බාර් ලයිසන් අවලංගුයි! බැංකුවලට දාපු සල්ලි රාජසන්තකයි!

ජනාධිපතිවරණය අවසන් වීමත් සමග බිහිවන නව රජයක් යටතේ පසුගිය කාලසීමාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදුන් මත්පැන් බලපත්‍ර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට මේ වනවිට යෝජනා වී තිබේ.

එම පරීක්ෂණයෙන් අනතුරුව එසේ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ලබාගෙන ඇති සියලු මත්පැන් බලපත්‍ර අහෝසි කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දැනටමත් විශේෂ ප්‍රකාශයක් සිදුකොට තිබේ.

එමෙන්ම පසුගිය කාලසීමාවේදී විපක්ෂයේ යම් යම් මන්ත්‍රීවරුන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමටත්, එහිදී සැක සහිත ගනුදෙනු සිදුව ඇති මන්ත්‍රීවරුන්ගේ ගිණුම්වල ඇති මුදල් රාජසන්තක කිරීමටත් මේ වනවිට අවධානය යොමුව ඇති බවක්ද දැනගන්නට ඇත.
Previous Post Next Post