පාස්පෝට් තදබදය අවසන්


දින කිහිපයක් තිස්සේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ තිබූ තදබදය අද (30) වන විට සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇත. ජනතාව පැවසුවේ, කිසිදු තදබදයකින් තොරව තම විදෙස් ගමන් බලපත්‍රය අද ලබාගැනීමට හැකිවූ බවය. 
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය අවට දින කිහිපයක් මුළුල්ලේ දිගු පෝලිම් පැවතියේය.
ඒ, දෙපාර්තමේන්තුව සතු හිස් විදෙස් ගමන් බලපත්‍ර සීමිත බැවින් බලපත්‍ර නිකුත් කිරීම සීමාවීමත් සමගය.

කෙසේ වෙතත් දිනකට බලපත් දහසක් නිකුත් කිරීමට බලධාරීන් පෙරේදා පියවර ගත් අතර දින කිහිපයක් තිස්සේ පෝලිම්වල රැඳීසිටි ජනතාවට අස්වැසිල්ලක් වෙමින් පැමිණීමේ පිළිවෙලට ටෝකන් ලබාදීම සිදුකිරීමට පොලීසිය එදින කටයුතු කළේය.
Previous Post Next Post